ගුරුගේ එල්ඩර්ස් කෙයාර් පිනකල් සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

    January, 15, 2025

    2024 පිනකල් සම්මාන උළෙලේදී වසරේ ලාබාලම සමාජ ව්‍යවසායකයා සම්මානය ගුරුගේ වැඩිහිටි සුරැකුම් පෞද්ගලික සමාගමේ හිමිකරු සමිත ගුරුගේ මහතා විසින් දිනා ගන්නා ලදී. මීට අමතරව ගුරුගේ වැඩිහිටි සුරැකුම් පෞද්ගලික සමාගම  2024 වසරේ විශිෂ්ටම වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය ලෙසද පිනකල් සම්මානයෙන් පිදුම් ලැබීය.

    අර්බුදකාරී වැටෙන ආර්ථිකයක් තිබූ රටක තාරුණ්‍යයට ආදර්ශයක් වෙමින් සමාජයට මෙහෙවරක් ඉටු කරන ව්‍යවසායකයෙකු ලෙස සමිත ගුරුගේ සම්මානයට පාත්‍ර විය.

    ඔහු සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය මදකට නතර කර 2020දී ගුරුගේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය ආරම්භ කළේය. වර්තමානයේදී නේවාසික වැඩිහිටියන් 100කට පමණ රැකවරණය සපයමින් විශිෂ්ට සහ කාරුණික සේවා රැසක් සපයමින් වෛද්‍ය, හෙද, සාත්තු සේවා ආදී රැකියා රැසක් පිරිනමා ඇත. විශිෂ්ටම වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය ලෙස ලැබූ සම්මානයටත්, වසරේ ලාබාලම සමාජ ව්‍යවසායකයා ලෙස ලැබූ සම්මානයටත් සිය කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කරන බව ගුරුගේ මහතා පැවසීය.