ගුවන් ගමන් ප්‍රමාදය ගැන ශ්‍රීලංකන් මෙසේ කියයි

    February, 26, 2018

    කොළඹ ගුවන් තොටුපලේ දැනට පවතින ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ  තදබදය පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සමාගම කණගාටුව ප්‍රකාශ කර සිටියි. කොචීන් ගුවන් තොටුපළේ දී  ගුවන් යානයෙහි කුරුල්ලෙකු ගැටීමෙන් ගුවන් යානයට සිදුවූ හානිය ඇතුළු තවත් අනපේක්ෂිත සිද්ධි කිහිපයක් මෙම ගුවන් ගමන් ප්‍රමාද වීමට හේතුවී තිබේ.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිටත්ව යාමට පෙර අපගේ වෙබ් අඩවිය හරහා හෝ පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ  ඇමතුම් මධ්‍යස්ථානය 01-97331979 ඔස්සේ හෝ තම සංචාරක නියෝජිතයන්ගෙන් ගුවන් ගමන පිළිබඳව විමසන ලෙසට සියලුම මගීන්ගෙන් ඉල්ලා සිටිමු.

    ඔබගේ ෆ්ලයිස්මයිල්ස් ගිණුමෙහි නිවැරදි ජංගම දුරකතන අංකය සහ ඊමේල්  ලිපිනය ඇතුළත් කර තිබීම ඔබට ප්‍රමාදයන් පිළිබඳ කල්තියා දැනුවත් කිරීමට අපට පහසුවේ.

    අපගේ ගනුදෙනුකරුවන් මෙම අවස්ථාවේ දී පෙන්නුම් කරන අවබෝධය සහ ඉවසීම අපි ඉතා අගය කරමු. මේ පිළිබදව අපගේ අවංක කනගාටුව පිළිගන්නා ලෙස කාරුණිකව දැනුම්දෙන අතරම  ගුවන් ගමන්  යථා තත්ත්වයට පත් කිරීම සඳහා පැය 24 පුරාම වැඩකටයුතු කරන  බවට සහතික වෙමු.