ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම ජනවාරියේ හැසිරවූ මගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි

    February, 17, 2026

    ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (AASL) ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිරවූ වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කීරීමට 2026 ජනවාරි මාසයේ දී සමත් වී ඇත.

    ඒ මගීන් 1,045,097 දෙනෙකුට සේවා සැපයිමත් සමගයි.

    මින් පෙර මෙම වාර්තාව තබා ඇත්තේ 2018 ජනවාරි මාසයේදී වන අතර එහි දී මගීන් 1,034,687 දෙනෙකුට සේවා සැපයීමට ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සමත්ව ඇත.