December, 18, 2015
ගුවන් තොරතුරු කළමනාකරණ පද්ධතියක් සපයා ස්ථාපනය කර පවරා දීම සඳහා අන්තර්ජාතික තරඟකාරී ලංසු කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාව සතු ගුවන් තොරතුරු කලාපය සඳහා අදාළ ගුවන් ගමන් පාලනය කිරීමට අවශ්‍ය වන සියලු තොරතුරු ජනනය කිරීම, බෙදාහැරීම සහ අනෙකුත් ගුවන් කලාපවලින් අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් තොරතුරු කළමනාකරණ පද්ධති භාවිත කෙරේ.
දෛනිකව පාලනය කළ යුතු තොරතුරු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බැවින් දැනට තිබෙන ගුවන් තොරතුරු පද්ධතිය වර්තමාන අවශ්‍යතාවන්ට නොගැළපෙන හෙයින් රජය විසින් මෙම පියවර ගෙන තිබේ.
Video Story