ගුවන් මගීන් සඳහා වැදගත් නිවේදනයක්

    November, 28, 2025

    ශ්‍රී ලංකාවේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා වල නවතම තොරතුරු www.airport.lk වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකි බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිවේදනයක් නිකුත් තරමින් පවසයි.

    ගුවන් ගමන් පැමිණීම්:
    www.airport.lk/flight_info/arrival

    ගුවන් ගමන් පිටවීම්:
    www.airport.lk/flight_info/departure

    SriLankan Airlines ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවේ සිටින ඔබට 1979 දුරකතන අංකය ඔස්සේද, අන්තර්ජාතිකව +94 117 771 979 දුරකථන මාර්ග ඔස්සේද තමන්ගේ ගුවන් ගමන් තත්ත්වය පිලිබද නවතම තොරතුරු සනාථ කරගත හැකිය.

    සුරක්ෂිත සහ අඛණ්ඩ ගුවන් තොටුපොල මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා සියලු දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ 24 පැය පුරා අඛණ්ඩ සම්බන්ධතාවය තබාගනිමින් සිටින බැවින්, ජනතාව පැහැදිලිව දැනුවත්ව හා ආරක්ශාකාරීව සිටින ලෙසද ඔවුන් කාරුණිකව දැනුම් දෙයි.