March, 10, 2016
රියැදුරු රහිතව (Self-Driving) ස්වයංක්‍රීයව ධාවනය කළ හැකි ගූගල් කාරයක් සිලිකන් නිම්නයේ දී බසයක ගැටී ඇතැයි වාර්තා වේ. පසුගිය මාර්තු 09 වැනි දා මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ Lexus SUV වර්ගයේ ගූගල් රියැදුරු රහිත මෝටර් රථයකි. මෙය සංවේදක හා කැමරා සහිත මෝටර් රථයක් වන අතර රියැදුරු රහිතව ධාවනය කිරීමට ඊට අනුමැතිය හිමිව ඇත. පොදු ප්‍රවාහන මාර්ගයක මෙම රථය පරීක්ෂණ ධාවනයක යෙදීමේ දී මෙම අනතුර සිදු වී ඇති බවත් මෙමඟින් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
නව ලොව මීළඟ විප්ලවය වශයෙන් කළඑළි බැසීමට නියමිත අධී සංවේදක උපාංග ඇතුළත් මෙම රියැදුරු රහිතව ස්වයංක්‍රීයව ධාවනය කළ හැකි මෝටර් රථය, මෙලෙස අනතුරකට පත් වීම තුළින් එහි ඇති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටළු පැන නැඟි ඇතැයි විශේලේෂකයෝ සඳහන් කර සිටිති.
ගූගල් මෝටර් රථයක් තවත් වාහනයක ගැටීමෙන් අනතුරට පත් වූ පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ එලෙසින් අනතුරට පත් ගූගල් මෝටර් රථයයි.
Video Story