August, 18, 2016
රිකෝ (Ricoh) වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය වන නවීනතම තාක්ෂණයෙන් යුත් Operation Panel ඡුායා පිටපත් යන්ත‍්‍ර මාදිලි දෙකක් මෙරටට හඳුන්වා දීම සඳහා ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී (Gestetner of Ceylon PLC) සමාගම කටයුතු කර ඇත. රිකෝ යනු බහුකාර්ය මුද්‍රණ යන්ත‍්‍ර ලොවේ ප‍්‍රමුඛතම වෙළද නාමයකි.
2016 පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර මට්ටමින් දියත් කරන ලද මෙම Smart Operation Panel ඡුායා පිටපත් යන්ත‍්‍ර ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ ප‍්‍රථම වරට ය. මෙම මාදිලි එකතුවට ඉහළම තලයේ බහුකාර්ය පිටපත් යන්ත‍්‍ර පෙළක් මෙන්ම ප‍්‍රමාණයෙන් කුඩා, එහෙත් කාර්යයන් රාශියක් ඉටුකරන MP 305 - SOP කළු/සුදු ‘ස්මාර්ට්’ මාදිලියේ යන්ත‍්‍ර පෙළක්ද ඇතුළත් වී ඇත.
අඟල් 10.1 Smart Operation Panel සහිත මෙම සෑම මාදිලියක්ම මෙහෙයවනු ලබන්නේ Intel ප්‍රොසෙසර් මගිනි. ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි වන අතර උපරිම කාර්යක්ෂමතාවක් ලැබෙන පරිදි මෙම නිෂ්පාදිතයන් එළිදක්වා ඇත.
මෙම නව යන්ත‍්‍ර මෙරට හඳුන්වා දීම සඳහා අගෝස්තු 16 වනදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති උත්සවයට රිකෝ ඒෂියා පැසිෆික් පුද්ගලික සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම් අංශයේ සාමාන්‍යාධිකාරී යසුෂි ටකහෂි මහතා ද සහභාගී විය. ඒ මහතා ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම එම අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු අවිජිත් මුඛර්ජී මහතාද මෙම අවස්ථාවට එක්විය.
SOP සහිත මෙහෙයුම් පැනලය ඇති ඡුායා පිටපත් යන්ත‍්‍ර රිකෝ සමාගමේ සැලසුම් පදනමක් මත නිර්මාණය වී ඇති අතර එය Android සහ iOS ජංගම උපාංග සමගද භාවිතා කළ හැක. ඊට අමතරව අන්තර්ජාල පහසුකම් සහ ඵලදායිතා උපාංග වැනි යෙදුම් රැුසක්ද එහි ක‍්‍රියාත්මක කළ හැකි නිසා පෙර නොවූ විරූ ලෙස තවත් උපාංග රාශියක් සමග වඩාත් පහසුවෙන් මෙම යන්ත‍්‍ර සම්බන්ධ කළ හැකි වී තිබේ.
රිකෝ හි SOP සහිත වර්ණ පිටපත් යන්ත‍්‍ර පෙළට MPC2004SP, MPC2504SP, MPC3004SP, MPC3504SP, MPC4504SP, MPC6004SP මාදිලි ඇතුළත් වී ඇති අතර මෙම සෑම මාදිලියක්ම උසස් ප‍්‍රමිතිය, වේගය, උසස් තත්ත්වයේ පිටපත් ලබාගත හැකි වීම සහ කල් පැවැත්ම යන ගුණාංගවලින් සමන්විත වේ.
විශාල පරිමාණයේ ආයතනවල අවශ්‍යතා පවා පහසුවෙන් ඉටුකරලීමේ හැකියාව මෙම වර්ණ පිටපත් යන්ත‍්‍ර පෙළ සතු ය. මේවා මගින් විනාඩියකට පිටු 20 ත් 60 අතර ප‍්‍රමාණයක් පිටපත් ලබාගත හැකි වේ.
කළු සුදු පිටපත් ලබාදෙන MP 305+SPF මාදිලිය පහසු මිලකට ලබාගත හැකි, කාර්යක්ෂම පිටපත් යන්ත‍්‍රයකි. විනාඩියකට පිටු 30 ක් දක්වා ඡුායා පිටපත්, මුද්‍රිත පිටපත්, ෆැක්ස් සහ ස්කෑන් පිටපත් ලබාදීමේ හැකියාව එය සතු ය.
මෙම යන්ත‍්‍ර wi-fi ජාලයක් හරහා අවසර ලත් උපාංග සමග සම්බන්ධ කළ හැකි නිසා අදාළ ජාලය තුළ (WAN/LAN) ඕනෑම තැනක සිට කෙනෙකුට මුද්‍රණ කටයුතු සිදුකළ හැකි වීම තවත් විශේෂත්වයකි. මේ නිසා මුද්‍රණ පිටපත් ලබාගැනීම සඳහා ඇති මූලික මට්ටමේ දුෂ්කරතා රාශියක් මගහැරී යයි.
මෙහි ඇති Human Detection senser මගින් යන්ත‍්‍රය භාවිතා නොවන අවස්ථාවල (Sleep Mode) හි පැවත, භාවිතා කරන්නෙකු පැමිණි විට ස්වයංකී‍්‍රයව යළි සක‍්‍රීය වන පරිද්දෙන් නිපදවා ඇත. මේ ආකාරයේ තවත් සුවිශේෂී හා නිර්මාණශීලී අංග රාශියක් මෙම යන්ත‍්‍රවලට ඇතුළත් කර තිබේ.
මේ වනවිට ලොව පුරා ව්‍යාපාර වියදම් අවම කරගැනීම සඳහා නව ක‍්‍රම භාවිතා කිරීම ගැන බෙහෙවින් උනන්දු වේ. මීට සමගාමීව තරගකාරී මිලගණන් යටතේ සේවා හා විසඳුම් හඳුන්වා දීම සඳහා ගෙස්ටෙට්නර් සමාගම සිය හවුල්කරුවන් සමග එක්වී දිගින් දිගටම කටයුතු කරමින් සිටී. ප‍්‍රථම වතාවට පාරිභෝගිකයන්ට භාවිතය සඳහා පමණක් ගෙවීම් කළ යුතු මුද්‍රණ සේවා බැහැරදීමේ ක‍්‍රමයක් ලෙස Prints-to-profits (P2P) ක‍්‍රමය හඳුන්වා දීමටද සමාගම කටයුතු කළේ එහි එක් පියවරක් වශයෙනි.
මේ වනවිට ලොව පුරාම බෙහෙවින් ජනප‍්‍රිය වී ඇති මෙවැනි නම්‍යශීලී හා නිර්මාණශීලී විසඳුම් ගෙස්ටෙට්නර් සමාගම 2003 වසරේදී මෙරට වෙළඳපොළට හඳුන්වා දීමත් සමග ශ‍්‍රී ලංකාව තුළද ඒවා අතිශයින් ජනප‍්‍රිය වී තිබේ.
වසර 70 කට අධික කාලයක් තිස්සේ මෙරට සමාගම් හා ආයතන සඳහා නවීන තාක්ෂණය සහ විසඳුම් හඳුන්වා දෙමින් ව්‍යාපාරික ලෝකයට අත්වැලක් වීමට ගෙස්ටෙට්නර් සමාගම කටයුතු කර ඇත. පාරිභෝගිකයන්ට උපරිම ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ලබාදෙන මෙම විසඳුම් රැුස බෙහෙවින් ජනප‍්‍රිය වී ඇති අතර ඒ නිසා ගෙස්ටෙට්නර් සමාගමද ශ‍්‍රී ලාංකිකයන් අතර විශාල ප‍්‍රසාදයක් දිනා සිටී.
Video Story