May, 7, 2015
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) මැයි 11 වනදා පෙනී සිටින ලෙස ලිපියක් මගින් දැනුම් ඇතැයි අද දෙරණ වෙත අනාවරණය වේ.
වැඩිදුරටත් හෙළිවන්නේ මිග් ගනුදෙනුව සහ ලංකා හොස්පිට්ල්ස් සමාගමේ කොටස් අලෙවියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙම කැඳවීම කර තිබෙන බවයි.
මේ අතර, හිටපු ආරක්ෂක ලේකම්වරයා අද දෙරණ වෙත ඊයේ සඳහන් කළේ ජ.වි.පෙ. විසින් තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබ ඇත්තේ තමාගේ කීර්ති නාමයට හානි සිදුකිරීමේ අරමුණෙන් බවයි.
2013 වසරේදී අම්පාරේ සංවිධානය කළ දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව එම දිස්ත්‍රීක්කයේ සංවර්ධන ව්‍යාපෘති ලෙස තමාගේ නමින් ඇති බැංකු ගිණුමකට එවන ලද චෙක්පත් 3කින් (රුපියල් කෝටි 13ක්) වැයකර බස් නැවතුම්පළ 3ක් ඉදිකිරීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදු කළ බවට ජ.වි.පෙ. විසින් ඊයේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාරදීම සම්බන්ධයෙන් හෙතෙම මේ බව සඳහන් කළේය.
එවැනි කිසිදු මුදලක් තමාගේ බැංකු ගිණුමට බැරවී නොමැති බවත්, කිසිදු වංචාවකට තමන් දායකවී නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.
අභූත චෝදනා නඟා තම කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන් ජ.වි.පෙ.ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම එහිදී වැඩිදුරටත් කීය.
Video Story