ගෝලීය ආයෝජකයෝ ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරති

    January, 21, 2016

    ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ ගෝලීය ආයෝජකයින් රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මෙරට ආයෝජන අවස්ථා සඳහා කැමැත්ත පළ කර තිබේ.

    නෙදර්ලන්තයේ පිලිප් ලයිටින් සොලියුෂන් හි ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී එරික් රොන්ඩෝලට්, ටාටා සමාගමේ ප්‍රධානී සයිරස් මැකෙන්සි හා එහි ආසියානු කලාපයේ සභාපති කෙවින් ස්නීඩර්, බහරේන් පෙට්‍රොලියම් හි සභාපති ෂෙයික් සල්මාන් බිල් කලිෆා අල් කලිෆා මහත්වරුන් සමඟින් සාකච්ඡා පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කටයුතු කරනු ලැබීය.

    මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ දී මයික්‍රොසොෆ්ට් (යුරෝපා, මැදපෙරදිග හා අප්‍රිකා) සභාපති ජීන් පිලිප් කොර්ටොයිස් මහතා හමුවීමට නියමිතය.

    Video Story

    Stock Market

    Exchange Rates