April, 11, 2025
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2025 අප්‍රේල් 03 සිට අප්‍රේල් 11 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි.
සිය දූත මෙහෙය අවසානයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එහි සඳහන් වන්නේ, මෑත කාලීන බාහිර කම්පනයන් සහ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගෝලීය අවිනිශ්චිතතාවයන්, තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවිනිශ්චිතතාවයක් ඇති කරමින් පවතින බවයි. එසේම ගෝලීය කම්පනයේ බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ඇගයීමට තවදුරටත් කාලයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විසින් සහාය දක්වන ලද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය හරහා අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකිවී ඇති බවයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයෙන් පසු 2024 දී සියයට 5ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට සමත්වීම වඩා වැදගත් සිදුවීමක් බව ඔවුන් මෙහිදී පෙන්වා දෙයි. එසේම මෑත කාලීනව උද්ධමනය සියයට -2.6 දක්වා පහත වැටීම, ශ්‍රී ලංකා මහ බැංකුව සැලකිය යුතු විදේශ විනිමය මිලදී ගැනීම් සමඟ 2025 මාර්තු අග වන විට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගොස් තිබීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුම හිමිව තිබේ. එසේම ඔවුන් පවසන්නේ, සැලකිය යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ මගින් රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවයි.
Video Story