ගෝලීය බොරතෙල් මිල යළි ඉහළට. බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 100 ඉක්මවයි

    March, 12, 2026

    අද (12) දිනයේ දී ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවත වතාවක් සීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

    ශ්‍රී ලංකා වේලාවෙන් අද (12) පෙරවරුව 10.30 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 95 ක් දක්වා 7.95%කින් ද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක් ඉක්මවා 8.88%කින් ද ඉහළ ගොස් තිබුණි.

    මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100.69ක් දක්වා 1.12%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.