ගෝලීය රන් මිල ඉතිහාසයේ ඉහළම තැනට එයි. හෙට්ටිවීදියේ රන් මිලත් වැඩිවෙයි

    April, 22, 2025

    ගෝලීය රන් මිල ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. BBC පුවත් සේවය ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) මධ්‍යහ්නයේ දී කියා සිටියේ රන් අවුන්සයක මිල ඩොලර් 3,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.
    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පවසන්නේ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශයට පත්කළ තීරුබදු ප්රකාශයත් සමග ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නව ඉහළම අගයකට පැමිණ ඇති බවයි. ගෝලීය රන් මිල ඉහළ යෑමට බලපාන සාධක අතර ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම පහත වැටීම සහ ආරක්ෂිත විකල්පයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට යොමුවීම හා ඇමෙරිකාව සහ චීනය අතර ඉස්මතුවෙමින් පවතින වෙළඳ යුද්ධය ප්රධාන ස්ථානයක් ගෙන තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
    මේ අතර ගෝලීය රන් මිල ඉහළ යාමට සමගාමීව ශ්රී ලංකාවේ රත්රං මිල ද වාර්තාගත ලෙස ඊයේ (21) වන විට ඉහළ ගොස් තිබුණි. ශ්රී ලංකාවේ දෛනික රන් මිල පිළිබඳ විශ්වාසනීය තොරතුරු නිකුත් කරන GOLDCeylon Gold News Network සඳහන් කරන්නේ ඊයේ (21) උදෑසන 10.00 වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රු. 246,600 ක් දක්වාත්, කැරට් 24 ක රන් පවුමක මිල රු. 268,000 ක් දක්වාත් ලෙසින් ඉතිහාසයේ ඉහළම මට්ටම්වලට පැමිණ ඇති බවයි.
    මේ අතර GOLDCeylon Gold News Network සඳහන් කරන පරිදි අද (22) දිනයේ දී හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 ක රන් පවුමක මිල රු. 255,000 ක් දක්වාත් කැරට් 24 ක රන් පවුමක මිල රු. 277,000 ක් දක්වාත් ලෙසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණ තිබේ.