චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගම ශාඛා ජාලය පුළුල් කරමින් පැලවත්තට පැමිණේ

    July, 18, 2016

    ශී‍්‍ර ලංකාවේ චීන අවන්හල් ව්‍යාපාරයේ පුරෝගාමී හා ප‍්‍රමුඛතම සමාගමවන චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම (Chinese Dragon Cafe Pvt Ltd) තම ශාඛා ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ ඇරඹූ සයවන ශාඛාව පසුගියදා පැලවත්තේදී (444, පන්නිපිටිය පාර, තලංගම දකුණ, බත්තරමුල්ල) විවෘත කෙරුණි. සම්ප‍්‍රදායික හා නවීන චීන ආහාර වට්ටෝරු සමගින් පැලවත්තේ විවෘත කෙරුණු මෙම නව චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ චීන අවන්හල ආහාරගැනීමේ කලාවේ වෙනස් මුහුණුවර විවිධ ආහාර සමගින් රසවිඳීමේ අවස්ථාව සපයන්නකි.

    මතක හිටින කෑමක් (Meal to Remember) නම් තේමා පාඨයෙන් පාරිභෝගිකයන්ට රසය මතකයේ රැඳෙන ආහාර සැපයීමෙහි කීර්තියක් උසුළන චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගමේ සෙසු අවන්හල් බම්බලපිටිය, රාජගිරිය, කොළඹ කොටුව, වත්තල හා රත්මලානේ පිහිටුවා තිබේ.

    පවුලේ සැම මිතුරු සමූහයන් දේශීය හා විදේශීය ආහාර රසවිඳින්නන් සඳහා වෙන් වූ ඉඩ පහසුකම් සහිත චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගමේ අවන්හල් හි සේවාවන් අතර ආහාරගැනීම රැගෙන යෑම නිවෙස් හා කාර්යාල වෙත ආහාර සැපයීම කාර්යාල සේවකයන් සඳහා උත්සව අවස්ථා සඳහා ආහාර සැපයීම හා කාර්යාල රැස්වීම් සංවිධානය කිරීම ඇතුළු විවිධ සාද සඳහා ඉඩ පහසුකම් මෙන්ම www.chinesedragoncafe.com වෙබ් අඩවිය හා facebook පිටුවෙන් ආහාර ඇණවුම්කිරීමේ හැකියාවද පවතී. අවන්හල් පිහිටි නගර ආශී‍්‍රතව විනාඩි 45ක් ඇතුළතදී ඇණවුම් කළ ස්ථානයට ආහාර සැපයීම සහතික වීම එම සමාගමේ විශේෂත්වයක් වන අතර සාද හා උත්සව සඳහා චීන ආහාර වට්ටෝරුවලට අමතරව දේශීය" මොන්ගෝලියානු" තායි හා බාබකි්‍යු ආහාර ඉතාමත් පහසු මිල ගණන් යටතේ සැපයේ. එයට අමතරව පාරිභෝගික පහසුව සඳහා චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ හි සුවිශේෂී නිෂ්පාදනයකවන චිලී පේස්ට් දිවයින පුරා පිහිටි ප‍්‍රකට සුපිරිවෙළෙඳසල්වල දැන් අලෙවි කෙරේ.