චීනයේ අලිබාබා ලොවම හොල්ලයි

    September, 22, 2014

    චීනයේ අති දැවැන්ත ඊ-වාණිජ්‍යය සමාගමක් වන Alibaba Group Holding Ltd (BABA.N) විසින් සිදුකළ මහජන කොටස් නිකුතුව තුළින් ඩොලර් බිලියන 25 ක මුදලක් රැස්කරගෙන තිබෙන අතර එය ලොව මෙතෙක් සිදුකළ විශාලතම මහජන කොටස් නිකුතුව බවට පත්ව තිබේ.

    අති දැවැන්ත ඉල්ලුමක් ඇතිවූ මෙම මහජන කොටස් නිකුතුවේදී මූලික වශයෙන් ඩොලර් බිලියන 21.8 ක් රැස්කර ගත් අතර කොටස් ගනුදෙනු වූ පළමු දිනයේදීම කොටසක මිල සියයට 38 ක් වැනි විශාල මිලකින් වැඩිවී ඇත.

    මෙම මහජන කොටස් නිකුතුවට පෙර ලෝකයේ දැවැන්තම මහජන කොටස් නිකුතුව සිදුකළේ 2010 වසරේදී Agricultural Bank of China Ltd (601288.SS) විසිනි. එහිදී, ඩොලර් බිලියන 22.1 ක් රැස්කර ගෙන තිබුණි.

    1999 දී ආරම්භ කළ අලිබාබා සමාගමේ නිර්මාතෘවරයා වන්නේ ජැක් මා නැමැත්තායි.

    සමාගමේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 7.5 ක් පමණ වේ.

    සේයාරුවේ සිටින්නේ අලිබාබා නිර්මාතෘ ජැක් මා නැමැත්තායි.