May, 28, 2025
30 දෙනෙකුගෙන් සමන්විත චීනයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් මෙරට ආයෝජන අවස්ථා සොයා බැලීමට මෙරටට පැමිණ සිටී.
පෞද්ගලික අංශය සදහා චීන ජාත්‍යන්තර වානිජ මණ්ඩලය නියෝජනය කරමින් මෙම පිරිස මෙරටට පැමිණ ඇත. චීනයේ ෂැංහැයි, බීජිං, ෂැංඩොන්ග්, නැංජින්, ගුංඩොන්ග් සහ චන්දු වැනි වානිජ නගරයන් කේන්ද්‍ර කර ගනිමින් මෙම පිරිස මෙරටට පැමිණ සිටිති.
අද (28) කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් හා මෙම ආයෝජක පිරිස අතර, මෙරට ආයෝජන අවස්ථා පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, චීන දූත පිරිස වෙනුවෙන් පෞද්ගලික අංශය සදහා චීන ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ නියෝජ්‍ය මහලේකම් යොංග් යන මහත්ම මහත්මීන් ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්විණි.
මෙම සාකච්චාවේදී නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්ති, සංචාරක, අධ්‍යාපන, කෘෂිකාර්මික, ඛනිජ හා ඖෂධ නිෂ්පාදන යන අංශයන් හි මෙරට ආයෝජන අවස්ථා පිළිබදව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
පැමිණ සිටි පිරිසෙන් බොහෝ දෙනෙක් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට පැමිණි අය බවත්, මෙරට පවතින ආයෝජන හිතකාමී පරිසරය තම ආයෝජනයට වැඩි කැමැත්තක් ඇතිකරවන බවත් චීන ආයෝජකයින් පැවසූහ. මෙහිදී චීන ආයෝජකයින විසින් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය මගින් ආයෝජනයන් ආරම්භ කිරීමට පහසු ලෙස සකසා ඇති වැඩපිළිවල ඇගයීමට ලක් කෙරිණි. වෙනත් රටවල මේ වනවිටත් ව්‍යාපෘති පවත්වාගෙන යනු ලබන ආයෝජකයන් පැවසුවේ මීලග ආයෝජනය ශ්‍රී ලංකාව තුල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය මෙහිදී සදහන් කළේ ඕනෑම ආයෝජකයෙකුට තම ව්‍යාපෘතිය පහසුවෙන් හා කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය සහය හා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සියලු නිලධාරීන් කැප වි සිටන බවයි.
Video Story