June, 9, 2014
අද පෙරවරුවේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති, රෙන් ෆැකීන් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් සහයෝගය ලබාදීමට චීනය සෑම වේලාවකම සූදානම් බවත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිසා ලංකාව දකුණු ආසියාවේ ශක්තිමත් විදුලි සැපයුමක් තිබෙන රටක් බවට පත්ව තිබෙන බවයි.
තමාගේ දැනීමේ හැටියට ලොකු විදුලිය කැපීමක් නොකරන දකුණු ආසියාවේ එකම රට ලංකාව බවත් එයට හේතුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම බවත් හෙතෙම සඳහන් කළේය.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවැනි අදියරද ඉදිරියේදී විවෘත කිරීමට නියමිත බව පැවසූ චීන නියෝජ්‍ය තානාපතිවරයා සඳහන් කළේ ගල් අඟුරු වලින් කිලෝ වොට් එකක විදුලිය නිපදවීමට වැයවන්නේ රුපියල් අටක පමණ අඩු මුදලක් බවයි.
නමුත්, ඩීසල් වලින් කිලෝ වොට් එකක් නිපදවීම සඳහා රුපියල් 56 ක් පමණ වැයවන බවත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිසා ලංකාවේ විදුලිය උත්පාදන වියදම අඩුවී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති, රෙන් ෆැකීන් මහතා අදහස් දක්වන වීඩියෝව මෙන්න
Video Story