චීනය සමග ඩොලර් හුවමාරුවකට සාකච්ඡා

    March, 24, 2016

    ශ්‍රී ලංකාව මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියනයක විනිමය හුවමාරුවක් සඳහා චීනය සමඟ සාකච්ඡා කරමින් පසුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ දී (23) පාර්ලිමේන්තුවේ දී පවසන ලදී.

    මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් පැන නැඟී ඇති බවත් දැනටමත් ඉන්දියාව සමඟ ඩොලර් මිලියන 700 ක හුවමාරුවක් සිදුකළ බවත් පැවසූ අගමැතිවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ මේ වන විට තවත් විනිමය හුවමාරුවක් චීන මහ බැංකුව වෙතින් ලබා ගැනීමට සූදානම් බවයි.