චීනය සමඟ ඩොලර් හුවමාරුවක්

    November, 30, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන සංවර්ධන බැංකුව (China Development Bank) අතර ඇමරිකානු ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරුවක් (Currency swap) සිදුකරනු ලබන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී, මාධ්‍යවේදියෙකු කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව තහවුරු කළේය.

    මේ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මේ වන විට සකස්වෙමින් පවතින බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී අනාවරණය කළේය.

    පසුගිය ඔක්තෝබර් මාසය වන විට ශ්‍රී ලංකාව සතු මුළු විදේශීය සංචිතවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 6.1 ක් ලෙසින් වාර්තා වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය වූ ඩොලර් මිලියන 162.6 ක් මෙම මස මුල දී අනුමත විය.