December, 2, 2015
හෙට (3) දිනයේ දී චෙන්නායි දක්වා පියාසර කිරීමට නියමිතව තිබෙන UL121, UL127, UL123 සහ UL125 ගුවන් ගමන් වාර අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන්සේවය පවසයි. දකුණු ඉන්දියානු කලාපයේ පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා මේ වන විට චෙන්නායි ගුවන් තොටුපළ ගංවතුර තර්ජනයට මුහුණ දී තිබේ.
හැකි ඉක්මනින් මෙම ගුවන් ගමන් වාර යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව පවසන ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් කියා සිටින්නේ ගුවන් මගීන් සඳහා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු +94 19733 1979 අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බවයි.
Video Story