ජනපති ජර්මානු සංචාරයේ ප්‍රතිඵල ලෙස ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡාවක්

    March, 3, 2016

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා සිදුකළ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල කඩිනමින් ලැබෙමින් පවතින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කරන ලෙස කළ ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාර සුවිශේෂී බවයි.

    මෙම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජර්මානු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිනී Dagmar Gabriele Wöhrlමහත්මිය සමග පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකින් අනතුරුව රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ය.

    ජර්මානු අමාත්‍යවරියා සමග පැවැති සාකච්ඡාවේ දී මෙරට ආයෝජන අවස්ථා සහ කළමනාකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දැඩි සබඳතාව ව්‍යාපාරික ක්ෂේත්‍රය හරහා තව දුරටත් ශක්තිමත් වනු ඇතැයි ද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය. ජර්මානු තානාපති ආචාර්ය Juergen Morhard මහතා ද මෙම හමුවට එක් ව සිටියේය.