“ජනවසම“ වතු භාණ්ඩාගාරය යටතට ගැනීමේ සැලසුමක්

    September, 5, 2014

    ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් (ජනවසම) පාලනය වන වතු මුහුණදී ඇති මූල්‍ය අර්බුදය හමුවේ ඒවා මහා භාණ්ඩාගාරය යටතට ගෙන පාලනය කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

    මොණරාගල දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ජනතාව මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ පස්වරුවේ හමුවෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ බව අනාවරණය කළේ මෙසේයි.

    “අපේ සමහර වතු, ජනවසමට අයිති, රාජ්‍ය වතු සංස්ථාවට අයිති ඉඩම්. මේවයින් පාඩු ලබනවා. මේකෙ සභාපතිතුමත් අස්වෙල ගිහිල්ල තිබෙනවා. දැන් මම හදනවා ඒක කෙලින්ම මහා භාණ්ඩාගාරය යටතට අරගෙන, මුදල් අමාත්‍යංශය යටතට අරගෙන ඒකෙ කටයුතු ටික කරන්න. මොකද? නැත්නම් පඩිවත් ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට මට විශ්වාසයක් තිබෙනවා මගේ අමාත්‍යංශය තුළින් වැටුප වෙලාවට හම්බවෙයි. ඊ.ටී.එෆ්. වෙලාවට ගෙවයි කියල.“

    ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය සතුව පවතින ඉඩම්වල කළමනාකරණය දුර්වල මට්‌ටමක පවතී.