July, 5, 2016
2016 ජනවාරි - අප්‍රේල් කාලපරිච්ඡේදය තුල දී රුපියල් බිලියන 21.5 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමත් වී තිබේ.
මුදල් අමාත්‍යාංශය සඳහන් කරනුයේ පසුගිය වකවානුව තුල ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් හි සීඝ්‍ර පහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.
2015 වර්ෂය තුළ දී තෙල් සංස්ථාව ලැබූ අලාභය රුපියල් බිලියන 18.3 ක් ලෙසින් වාර්තා වේ.
මේ අතර වසරේ මුල් මාස 4 තුළ දී ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 5.78 ක අලාභයක් ලබා ඇතැයි වාර්තා වේ.
වසරේ මුල් කාලපරිච්ඡේදය තුළ වූ වියළි කාලගුණික තත්ත්වයත්, නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය අක්‍රීය වීමත් මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.