March, 4, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය අද(04) ඒකක 16,000 සීමාවෙන් පහළට පැමිණ තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.
මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ ජනවාරි 15 වන දිනෙන් පසුව වීම විශේෂත්වයකි.
ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 297.05කින් පහළ ගොස් ඒකක 15,870.25ක් ලෙසින් සටහන් විය.
මේ අතර S&P SL20 දර්ශකය අද දින ඒකක 67.51කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය වාර්තා වූයේ ඒකක 4,759.70ක් ලෙසිනි.
රු. බිලියන 2.39 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
Video Story