February, 26, 2018
නේෂන්ස් ට්‍රස්ට් බැංකු සමාගමේ පස්වැනියාට විශාලතම කොටස් හිමියා වූ ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම, සිය කොටස් හිමිකාරීත්වය අද (26) උදෑසන සම්පූර්ණයෙන්ම විකුණා දමනු ලැබීය.
නේෂන්ස් ට්‍රස්ට් බැංකු සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 18,582,682 ක් ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සතුව පැවති අතර එය නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී හි සමස්ත ප්‍රාග්ධනයෙන් 8.06% කි.
අද දින සිදු කෙරුණු මෙම ගනුදෙනුවේ දී නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී හි කොටසක් රු. 79.80 ක මිලකට ය.
මේ අනුව මෙම ගනුදෙනුවෙන් ජනනය වූ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 1.48 (රු. 1,482,898,023.60) කි.

Video Story