April, 9, 2026
අද (09) දිනයේ දී විවෘත කෙරුණු ජනශක්ති ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව මෙම නිකුතුවේ රෙජිස්ට්රාර් සමාගම වන SSP Corporate Services විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.
එක් කොටසක් රු. 10.00 බැගින් වන පරිදි කොටස් මිලියන 500ක් මෙම මූලික මහජන කොටස් නිකුතුවේ දී මහජනයා වෙත පිරිනැමුණු අතර රු. බිලියන 5ක අරමුදලක් ඒ හරහා සම්පාදනය කර ගැනීමට නියමිතය.
නිකුතුවේ ආරම්භක දිනයේ දීම ලැබී තිබුණු අධිදායකත්වය හේතුවෙන් අද (09) පස්වරු 4.30ට නිකුතුව වසා දමන බව නිකුතුවේ රෙජිස්ට්රාර් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Video Story