ජනශක්ති ලයිෆ් පළමු කාර්තුවේ දී සම්පූර්ණ රක්ෂණ වාරික වටිනාකම 44%ක වර්ධනයක් සහ බදු පෙර ලාභය 29%ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කරයි

    July, 4, 2024

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වූ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, 2024 වසරේ පළමු කාර්තුවේ දී ස්ථාවර මුල්‍ය වර්ධන ප්‍රතිඵල වාර්තා කරමින් ඉහළ ස්ථාවරත්වය දිගින් දිගටම අත්පත් කරගනිමින් සිටියි.
     
    ජනශක්ති ලයිෆ් හී සම්පූර්ණ රක්ෂණ වාරික වටිනාකමේ (GWP) වර්ධන අගය 2023 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2024 වසරේ පළමු කාර්තුවේ දී 44%ක විශිෂ්ට වර්ධනයක් වාර්තා කර ඇත. මෙම වාර්තාවලින් පිළිබිඹුවන්නේ ආයතනය සතු වෙළඳපොළ ව්‍යාප්ත කිරීමේ සහ නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමේ සුවිශේෂී හැකියාවයි. මීට අමතරව ආදායම් ලැබීමේ මාර්ග විවිධාංගීකරණය සහ උපායමාර්ගික ආයෝජන ක්‍රමවේදයන් නිසා වෙනත් මෙහෙයුම් ආදායම් ද 22%කික් වර්ධනය වී තිබේ.
     
    2023 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2024 වසරේ පළමු කාර්තුවේ දී බදු පෙර ලාභය 29%ක වර්ධනයක් පෙන්නුම් කිරීම ද අතිශය සාර්ථක තත්ත්වයකි. ආයතනයේ කාර්යක්ෂම මෙහෙයුම් උපායමාර්ග සහ නිවැරදි මුල්‍ය කළමනාකරණයේ සාර්ථකත්වය මෙම වර්ධනයන්ට ඉවහල් වී ඇත. කෙටි කාලීන වර්ධනයන්ගෙන් ඉවත් වී දීර්ඝ කාලීන වර්ධනයන් දක්වා සීරුමාරුවීමට ආයතනය ගත් උපායමාර්ගික එළඹුම නිසාම මෙම සුවිශේෂී සාර්ථකත්වය අත්පත් කරගැනීමට සමත් වී තිබේ. මෙම පියවර මගින් ආයෝජකයන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමටත්, තිරසර සංවර්ධනය සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණයට ප්‍රමුඛත්වය දීමටත් අපේක්ෂා කෙරේ.

    ජනශක්ති ලයිෆ් ආයතනයේ, ආයතනික ආයෝජන කොටසක ඉපැයීම් අගය (EPS) 1.95 සිට 2.15 දක්වා වැඩිදුරටත් වර්ධනය වීම සිය කොටස්කරුවන්ට වටිනාකමක් ලබාදීම වෙනුවෙන් ආයතනයේ කැපවීම මනාව පිළිඹිබු කරයි. EPS අගයෙහි මෙවැනි වර්ධනයන් හරහා සිය කොටස්කරුවන්ට වඩා ඉහළ ලාභයක් අත්පත් කරදීමට ආයතනයට ඇති හැකියාව පෙන්නුම් කරයි.
    මීට අමතරව ජනශක්ති ලයිෆ් ආයතනය විසින් 2024 වසරේ පළමු කාර්තුවේ දී ආවරණය කළ ජීවිත රක්ෂණ ප්‍රමාණය පෙර කාර්තුවට වඩා 112%ක ඉහළ වර්ධනයක් වන අතර එය ලංකාවේ සියලු ජීවිත රක්ෂණ ආයතනවලට වඩා වැඩි අගයකි. රක්ෂණාවරණ අලුත් කිරීමේ වාරිකය අගය ද වර්ධනය වූ අතර රක්ෂණ ක්ෂේත්‍රයේ සියලු තරගකරුවන් අභිබවා යමින් පෙර වසරට සාපේක්ෂව 2024 වසරේ පළමු කාර්තුවේ දී එම අංශයෙන් ද 18%ක වර්ධනයක් අත්පත් කරගැනීමට ආයතනය සමත්වී තිබේ.

    මෙම ජයග්‍රහණ පිළිබඳව සිය අදහස් දැක්වූ ජනශක්ති ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා,“ අපේ කණ්ඩායමේ අප්‍රතිහත කැපවීම සහ මනා උපායමාර්ගික එළඹුම නිසා 2024 වසරේ පළමු කාර්තුවේ දී ලබාගත් මෙම ජයග්‍රහණ ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. ප්‍රධාන මුල්‍ය ප්‍රමිතිකයන් හී අප ලබාගත් තිරසර වර්ධනයේ මූලික පදනම අපගේ ව්‍යාපාරික අනුවර්ථනයන් සහ උපායමාර්ගික පෙර දැක්මයි. ඉදිරියේ දීත් අපගේ වර්ධනය දිගටම පවත්වා ගන්නට කටයුතු කරනවා වගේම ක්ෂේත්‍රයේ අපේ ව්‍යාප්තිය තවදුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරනවා.”

    “uplifting lives and empowering dreams” (ජීවිත ඉහළ නැංවීම සහ සිහින බලගැන්වීම) යන සිය ආයතනික අරමුණට සත්‍යවාදී වෙමින් ජනශක්ති ලයිෆ්, ආචාර ධාර්මිකව සහ විනිවිදභාවයකින් යුතුව තමන්ගේ සියලුම කොටස්කරුවන්ට වඩා උසස් අගයක් ලබාදීමට වෙනුවෙන් සැමදා කැපවී ක්‍රියාකරයි. පාරිභෝගිකයන්ගේ පාර්ශවයෙන් සළකා බැලීමේ දී සුවිශේෂී රක්ෂණ විසඳුම් සහ සේවා හරහා මෙම අගය ඔවුන් සමීප කිරීමට කටයුතු කරන ජනශක්ති ලයිෆ් ආයතනය, පාරිභෝගිකයන්ගේ ජීවිතේ විවිධ කාලවලදී වෙනස්වෙන ඕනෑම අවශ්‍යතාවයකට මනාව ගැළපෙන පරිදි රක්ෂණ විසඳුම් නිර්මාණය කර ඇත. එමෙන්ම සිය අරමුණ තවත් ව්‍යාප්ත කරමින් සමස්ත සමාජයට තිරසරබවක් අත්පත්කර ගැනීමට ද ඉහළ දායකත්වයක් ජනශක්ති ලයිෆ් ආයතනය ලබාදෙයි.
    වසර 29කට වැඩි කාලයක් පුරා මෙහෙයුම් සිදුකරන ජනශක්ති ලයිෆ් PLC රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇතිකිරීමට කටයුතු කරන සහ රක්ෂණ ක්ෂේත්‍රය නව්‍යකරණයේ ගාමක බලය වෙමින් ඉදිරියට යන මුල්‍ය ආයතනයකි. දිවයින පුරා විසිරි ඇති ශාඛා 79ක පුළුල් සේවා ජාලය හරහා පුද්ගලයෙකුගේ ජීවිතයේ ඕනෑම අවස්ථාවකට මනාව ගැළපෙන රක්ෂණ විසඳුම ලබාදීමට ඔවුන් කැපවී සිටියි.