ජනශක්ති ලිමිටඩ් බිලියනයක් ඉල්ලයි

    October, 30, 2014

    ජනශක්ති ලිමිටඩ් සමාගම විසින් එකක් රුපියල් 100 ක් වටිනා ණයකර මිලියන 10 ක් නිකුත් කිරීම මගින් රුපියල් බිලියනයක මුදලක් රැස්කර ගැනීමට සූදානම් වේ.

    මෙම නිකුතුව ලයිස්තුගත කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අනුමැතිය ලබාදී තිබෙන අතර මෙහිදී මුල් අදියරේදී ණයකර මිලියන 05 ක්ද ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති වුවහොත් තවත් ණයකර මිලියන 05 ක්ද නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

    නිකුතුව විවෘත වන්නේ ලබන නොවැම්බර් 12 වනදායි.

    ෆස්ට් කැපිටල් ලිමිටඩ් සමාගම විසින් නිකුතුව කළමනාකරණය කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates