December, 9, 2025
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සිය 44 වැනි සංවත්සරය වෙනුවෙන් අර්ථවත් සමාජ සත්කාරයක් සංවිධානය කළේය. මෙම වැඩසටහන “Celebrating Strength. Sharing Love.” යන තේමාව යටතේ කොළඹ 10 ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේදී පවත්වන ලදි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිය ජීවිත කාලය පුරාම රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මෙන්ම ඔවුන්ගේ ශක්තිය හා ධෛර්යය අගය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන (ESG) රාමුව යටතේ සමාජ වගකීම් සඳහා වන කැපවීම මගින් පන්නරය ලැබූ මෙම වැඩසටහන, ආයතනික සංවත්සර සැමරුමකින් ඔබ්බට ගොස් දයාව සහ අන්තර්කරණය තුළින් ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ ජීවිත සෞභාග්‍යමත් කිරීම අරමුණු කරගත් ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී මෙහෙවර මැනැවින් සංකේතවත් කළ සුවිශේෂී සමාජ ලෙස හැඳින්විය හැකි වේ.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සිතම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා මෙසේ පැවසීය: “අපගේ 44 වන සංවත්සර සැමරුමේ කොටසක් ලෙස, අපගේ ජයග්‍රහණ දෙස ආපසු හැරී බැලීමට පමණක් නොව, පරම්පරා ගණනාවක් තිස්සේ අපට මඟ හෙළිකර දුන් මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කෘතගුණ සැලකීමට අපට අවශ්‍ය වුණා. ‘Celebrating Strength. Sharing Love.’ වැඩසටහන තුළින් නිරූපණය වන්නේ අපගේ සේවාවන් ලබන ප්‍රජාවන්ට ශක්තියක් වීමට, ඔවුන්ට රැකවරණය සැලසීමට සහ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා ගොඩනංවා ගැනීමට අප දක්වන උනන්දුව හා කැපවීමයි.”
මෙම අවස්ථාවට ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නායකත්ව කණ්ඩායමේ හා කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු පිරිසක් එක්වූහ. එහිදී එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ තෑගි පිරිනමන ලද අතර ඔවුන් වෙනුවෙන් සංගීත වැඩසටහනක් සහ තවත් විශේෂාංග රැසක්ද සංවිධානය කර තිබිණි. මෙය කාටත් සතුට හා විනෝදය පිරුණු ළයාන්විත අත්දැකීමක් විය.
මෙම වැඩසටහන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ආයතනික සංස්කෘතියෙහි අනිවාර්ය ගුණාංග වන එකමුතු බව සහ දයාව මැනැවින් පිළිබිඹු කළ අතර, සැමට සමානව සලකන දයාන්විත ප්‍රජාවන් පෝෂණය කිරීම අරමුණු කරගත් පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන (ESG) මෙහෙවරේ සමාජ සද්කාර්යමය ක්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කළ පියවරක්ද විය.
මේ ආකාරයට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කෘතගුණ සැලසීම තුළින් ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී නැවත වරක් පෙන්වා දුන්නේ, සාර්ථකත්වය යනු හුදෙක් මූල්‍යමය දියුණුව මත නොව, සමාජය තුළ යහපත් වෙනස්කම් ඇති කිරීම මත තීරණය වන දෙයක් බවයි. මෙය ‘ත්‍යාගශීලීත්වය තුළින් ශක්තිය වර්ධනය වන බව’ සිහිපත් කළ අවස්ථාවක් වූ අතර, සැබෑ ප්‍රගතිය මනිනු ලබන්නේ තම මෙහෙවර තුළින් පන්නරය ලබන ජීවිත සහ ප්‍රජාවන් අනුව බවට සමාගම දරන විශ්වාසය එමඟින් තවදුරටත් තහවුරු විය.
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය වර්ධනයේ හා පරිවර්තනයේ ඉලක්ක හා අරමුණු ඔස්සේ මේ වන විට අඛණ්ඩව ඉදිරියට ගමන් කරමින් සිටී. “Celebrating Strength. Sharing Love” වැනි වැඩසටහන් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ දයාන්විත සමාගමක් ලෙස ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී අත්කරගෙන සිටින කීර්තිය සහ රට පුරා ප්‍රජාවන් නඟාසිටුවීමේ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරනු නිසැකය.

Video Story