February, 26, 2018
Serendib Land PLC සමාගමේ සිව්වැනියාට විශාලතම කොටස්කරුවා වූ Janashakthi General Insurance Ltd සමාගම සිය කොටස් හිමිකාරීත්වය අද (26) දිනයේ දී මුළුමනින්ම විකුණා දැමීය.
Serendib Land PLC සමාගමේ ඡන්ද බලය හිමි කොටස් 55,054 ක හිමිකම Janashakthi General Insurance Ltd සතුව පැවති අතර එය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 15.29% කි.
මෙහිදී එක් කොටසක් විකුණා ඇති මිල රු. 1,481.70 ක් ලෙසින් වාර්තා වන අතර රුපියල් මිලියන 81.57 (රු. 81,573,511.80) ක පිරිවැටුමක් එමගින් ජනනය වී තිබේ.
මේ අතර Janashakthi General Insurance Ltd විසින්, තම හිමිකාරීත්වයේ පැවති නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කොටස් අයිතිය ද අද (26) දිනයේ දී මුළුමනින්ම විකුණා දමනු ලැබීය.

Video Story