October, 31, 2024
ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 48.6ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් කටයුතුවල පහළ යෑමක් පෙන්නුම් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මැතිවරණ වාතාවරණය තුළ ඉදිකිරීම් කටයුතුවල සිදුවූ යම් ප්‍රමාදයන් හේතුවෙන්, සමස්ත ක්‍රියාකාරකම්වල සුළු පසුබෑමක් නිරීක්ෂණය කළ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් විසින් සඳහන් කරන ලද බව මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයක සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.
සැප්තැම්බර් මාසයේ දී නව ඇණවුම් ඉහළ යෑමක් වාර්තා විය. විදේශීය අරමුදල් භාවිතයෙන් සිදුකරගෙන යන සහ දේශීය අරමුදල් යොදාගන්නා පුද්ගලික ව්‍යාපෘති ක්‍රමිකව ආරම්භ කිරීමට ටෙන්ඩර් අවස්ථෘ පැවතිය ද, ඒ සඳහා පවතින දැඩි වෙළෙඳපොළ තරඟකාරීත්වය සිය මූල්‍ය තත්ත්වයන්ට අහිතකර ලෙස බලපෑම් ඇතිකරන බව බොහෝ ප්‍රතිචාර දැක්වූවන් විසින් ප්‍රකාශ කරන ලදී. ඉදිකිරීම් කටයුතු මන්දගාමී වීම, සැප්තැම්බර් මාසයේ දී සේවා නියුක්තිය සහ තොග මිල දී ගැනුම් අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවිය. මේ අතර සැප්තැම්බර් මාසයේ දී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ය ගතවන කාලය පෙර මාසයේ ඉහළ ගියේය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ නව ව්‍යාපෘති වෙළෙඳපොළ තුල සුලභ වීමත් සමඟම ඉදිකිරීම් අංශයේ ඉදිරි ක්‍රියාකාරකම් සඳහා බලාපොරොත්තු යහපත් මට්ටමක පවතින බවයි.
Video Story