September, 25, 2024
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.
එහිදී ආර්ථිකයේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළු රටේ ආර්ථිකයට බලපාන කරුණු රාශියක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී .