December, 9, 2024
මෙරට ලැයිස්තුගත සමාගමක් වන Colombo Dockyard PLC හි ප්රධාන කොටස්කරුවා වන ජපානයේ Onomichi Dockyard Company Limited, Colombo Dockyard PLC සමාගමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
අද (09) පෙරවරුවේ ගනුදෙනු ආරම්භයට පෙර Colombo Dockyard සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් හුවමාරුව පියවර ගෙන තිබුණි. එම අත්හිටුවීම පෙරවරු 11.20ට පමණ ඉවත් කරන ලදී.
මේ අතර Onomichi Dockyard Company Limited නියෝජනය කරමින් Colombo Dockyard PLC හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කළ T. Nakabe, K. Kobatake හා J. Furukawa යන අය ද පසුගිය දෙසැම්බර් 06 දින සිට බලපැවැත්වෙන පරිදි සමාගමේ අධ්යක්ෂ ධුරවලින් ඉවත් වී තිබේ.
Colombo Dockyard PLC හි සභාපතිවරයා ලෙසින් කටයුතු කළ Takashi Nakabe ද පසුගිය නොවැම්බර් 25 දින එම තනතුරින් ඉල්ලා අස් වූ අතර G.A.D.L.H.Ganlath යන අය පසුගිය දෙසැම්බර් 06 දින සිට බලපැවැත්වෙන පරිදි නව සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබ ඇති බන සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
Colombo Dockyard PLC විසින් මේ බව දැනුම් දෙමින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යොමුකරන ලද ලිපිය පහතින් දැක්වේ.
සමාගම වෙනුවෙන් කැපවීමක් කිරීමට කැමති ඕනෑම උපායමාර්ගික ආයෝජකයෙකුට තම කොටස් බැහැර කිරීම මගින් සමාගමේ ආයෝජනයෙන් ඉවත් වීමට සූදානම් බව Onomichi Dockyard Company Limited විසින් Colombo Dockyard PLC අධ්යක්ෂ මණ්ඩලයට සහතික කර ඇති බව එහි සඳහන් වේ.
Colombo Dockyard PLC හි 51% ක කොටස් හිමිකාරීත්වය Onomichi Dockyard Company Limited සතුවන අතර අද වන Colombo Dockyard PLC හි වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය රු. බිලියන 4.54 කි.
Video Story