February, 20, 2026
ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් බවට පත්ව ඇති ජපන් ජබර ගැටළුව, තිරසර ජීවනෝපාය මාර්ග සහ චක්‍රීය නවෝත්පාදනය පදනම් කරගත් අගය එකතු කළ හැකි වෙළඳපොළ අවස්ථා බවට පත්කර ගැනීම අරමුණු කරගත් මාස අටක වැඩසටහනක් වන 'Hyacinthesis Accelerator' දියත් කිරීම සඳහා The Foundation For A Good Life (ඇපයෙන්) සීමිත සමාගම (TFGL) සහ Good Life X (GLX) අත්වැල් බැඳ ගත්තේය. ස්කොට් ඩන්, සංරක්ෂණ සාමූහිකය සහ ලංකා පරිසර අරමුදලේ (LEF) සහයෝගයෙන් දියත් කෙරෙන මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර ගණනාවකට ගැටළු ඇතිකරන, ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන මෙම ආක්‍රමණශීලී ශාකයේ ව්‍යයසනයට චක්‍රීය සහ තිරසර විසඳුමක් ලබා දීමට ඉලක්ක කරයි. 2026 වසරේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ කලාශිල්පීන් සමග එක්ව, වෙළෙඳපොළ ඉලක්කර ගත් ජපන් ජබර ආශ්‍රිත නවෝත්පාදන සහ නිෂ්පාදන සිදු කිරීමට මේ යටතේ කටයුතු කෙරේ. මෙම වැඩසටහන යටතේ එම නිෂ්පාදන සඳහා අවශ්‍ය ව්‍යූහගත ව්‍යාපාරික අවස්ථා සහ වෙළෙඳපොළ සහයෝගය ද ලබා දීම ද විශේෂත්වයකි.
ජපන් ජබර යනු වෙළෙඳපොළ වටිනාකමක් සහිත පුනර්ජනක අමුද්‍රව්‍යයක් ලෙස උපායමාර්ගිකව ස්ථානගත කිරීම මගින් මෙම අභියෝගය ජය ගැනීම Hyacinthesis Accelerator වැඩසටහනේ අරමුණයි. ඒ අනුව, මෙම අමුද්‍රව්‍යය යොදාගනිමින් නිෂ්පාදන සිදුකරන ව්‍යාපාර හයක් හඳුනා ගනිමින්, ඒවාට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කෙරේ.
වැඩසටහනේ පළමු අදියර ලෙස, අත්කම් සහ ගෘහ මෙවලම් (Handicrafts & Home Decor Items) කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර ඉදිරි අදියරන් හීදී කඩදාසි, ඇසුරුම්කරණ, ජීව අඟුරු සහ පොහොර ආශ්‍රිත නිෂ්පාදන සඳහා අඩිතාලම සකස් කිරීමට නියමිතය. වැඩසටහන දියත් කිරීමට පෙර ව්‍යාපෘති කණ්ඩායම විසින්, ජපන් ජබර ආශ්‍රිත නව අමුද්‍රව්‍යමය සහ තාක්ෂණික අවස්ථා සමඟ ඇති ප්‍රවණතා, ජපන් ජබර ශාක පද්ධති හරහා සිදුවන පාරිසරික බලපෑම සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇති වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගැනීම සඳහා අධ්‍යයනයක් සිදුකරන ලදි.
The Foundation For A Good Life (ඇපයෙන්) සීමිත සමාගමේ ව්‍යාපෘති ප්‍රධානී ලොනාලි රොද්‍රිගු මෙම වැඩසටහන පිළිබඳ අදහස් පළ කරමින් කියා සිටියේ, තෝරා ගන්නා සෑම අංශයකටම සුදුසු ව්‍යාපාරික සහ සැකසුම් සැලසුමක්, මගපෙන්වීම, තාක්ෂණික සහ සැකසුම් සහයෝගය මෙන්ම කාර්යසාධනය මත පදනම් වෙමින් විශේෂ සංධිස්ථානවලදී මුල්‍ය සහයෝගය හිමි වන බවයි. ඇය තව දුරටත් ප්‍රකාශ කර සිටියේ වැඩසටහනේ වෙළෙඳපොළ ඉලක්කය තහවුරු කරමින්, මේ වෙනුවෙන් කැපවී සිටින වෙළෙඳ හවුල්කරුවන් හරහා මෙම නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට යොමු කිරීමට ද අපේක්ෂා කරන බවයි.
ජපන් ජබර ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන, මෙම වැඩසටහනේ පළමු අදියවන අත්කම් සහ ගෘහ මෙවලම් (Handicrafts & Home Decor Items) සමග සම්බන්ධ වීමට කැමති පුද්ගලයින්, ව්‍යාපාර සහ ප්‍රජා මූලික සංවිධාන 2026 පෙබරවාරි 28 වනදාට පෙර අයදුම් කළ යුතුය. සැබෑ වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන, ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා සහභාගීවන්නන් හට සැකසුම්කරුවන්, තාක්ෂණික විශේෂඥයින් සහ ගැනුම්කරුවන් සමග ඉතා සමීපව කටයුතු කරමින් වෘත්තීමය කුසලතා සහ ව්‍යාපාරික දැනුම වර්ධනය කර ගැනීමට මෙම වැඩසටහන හරහා අවස්ථාව හිමිවේ.
වර්තමානයේ කාලීන ගැටළුවක් බවට පත්ව ඇති ජපන් ජබර ආක්‍රමණික ශාකය සම්බන්ධ මෙම ව්‍යසනය උපායමාර්ගිකව කළමනාකරණය තුළින් ඊට විසඳුමක් ලබා දීම මෙහි අරමුණයි.
පුනර්ජනක අගය දාමයක් ගොඩ නැගීම තුළින් මෙම Hyacinthesis Accelerator වැඩසටහන නවෝත්පාදනය, ජීවනෝපාය ඉහළ නැංවීම, පාරිසරික තිරසර බව ඇතුළු ක්ෂේත්‍ර කීපයක් සඳහා ලබා දෙන දීර්ඝ කාලීන විසඳුම හරහා මෙම අභියෝගය සාර්ථකව ජයගැනීමට සාධනීය දායකත්වයක් ලබා දෙන බව අපගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකාවේ ජපන් ජබර ව්‍යාප්තිය

ජපන් ජබර, වටිනාකමින් ඉහළ පුනර්ජනක අමුද්‍රව්‍යයක් ලෙස යළි ස්ථානගත කිරීම
සේයා රූ සටහන: ශ්‍රී ලංකාවේ බරපතළ පාරිසරික ගැටළුවක්වන ජපන් ජබර, තිරසර ජීවනෝපාය සහ චක්‍රීය නවෝත්පාදනය බවට පරිවර්තනය කිරීම
Video Story