ජපන් – ශ්‍රී ලංකා ඒකාබද්ධ සහයෝගීතා ලේකම් කාර්යාලයට කැබිනට් අනුමැතිය

    August, 31, 2016

    2015 ඔක්තෝබර් මාසයේදී අග්‍රාමාත්‍යතුමා විසින් ජපානයේ සිදු කරන ලද නිල සංචාරයේදී උසස් මට්ටමේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සඳහා වූ විද්‍යා හා තාක්ෂණය, උසස් තත්ත්වයෙන් යුත් යටිතල පහසුකම් සහ ප්‍රාදේශීය සංවර්ධනය, අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය සහ සිවිල් ආරක්ෂාව හා සුරක්ෂිතතාව යන අංශ ආවරණය වන පරිදි ජපාන සහ ශ්‍රී ලංකා රජයන් විසින් ඒකාබද්ධ සහයෝගිතාව ප්‍රකාශයට පත් කිරීමට එකඟවන ලදී.

    ඒ අනුව, ඒ සඳහා පහසුකම් සැලසීමේ අදහස ඇතිව, ජපාන - ශ්‍රී ලංකා ඒකාබද්ධ විස්තීර්ණ සහයෝගිතා ලේකම් කාර්යාලය [Japan-Sri Lanka Joint Comprehensive Partnership (JCP) Secretariat] කොළඹ සහ ටෝකියෝහි ස්ථාපිත කිරීම පිණිස අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.