September, 7, 2014
වසර 24 කට පසුව ජපාන අගමැතිවරයෙකු ලංකාවේ සිදුකරන පළමු සංචාරය සනිටුවහන් කරමින් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සහ ආර්යා අකි අබේ අද පස්වරුවේදී ලංකාවට පැමිණි අතර මෙම ගමනට ජපානයේ ප්‍රබල ව්‍යාපාරික දූත පිරිසක් එක්ව සිටීම සුවිශේෂී සිදුවීමකි.
අප වෙත අනාවරණය වන ආකාරයට මෙම දූත පිරිසට යන්ත්‍ර සූත්‍ර හා කර්මාන්තශාලා ඉදිකරන Hitachi Zosen Corporation, තේ නිෂ්පාදනය කරන Kobe Tea Co. Ltd, ආයෝජන ප්‍රවර්ධනය කරන ජපාන රජයට අයත් Japan External Trade Organization (JETRO) හි, නියෝජිතයින් පැමිණ සිටී.
මෙයට අමතරව, Mizuho බැංකුවේ සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායකවරයා, ජපානයේ ප්‍රධානතම මත්ස්‍ය නිෂ්පාදන සමාගමක් වන ටූනා කින්ග් හෙවත් කියෝෂි කිමුරාට අයත් Kiyomura Corporation හි, නියෝජිතයෙකු, ජපානයේ ප්‍රධාන ආහාර නිෂ්පාදන සමාගමක් වන ITOCHU Corporation හි, සභාපති එයිසෝ කොබායෂි, Mitsubishi Corporation හි, සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Ken Kobayashi, SG Holdings සභාපති, Eiichi Kuriwada, Taskashi Nakabe සමාගමේ සභාපතිවරයාද මෙම ව්‍යාපාරික ධූත පිරිසට අයත්ය.
එසේම, කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ බහුතර කොටස් ප්‍රමාණයක් හිමි Onomichi Dockyard සමාගමේ සභාපතිවරයා, Hitachi Ltd හි, ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Hiroaki Nakanishi, Sumitomo Mitsui Construction හි නියෝජිතයෙකු, Tomo-Digi Corporation හි, සභාපති Hidemichi Shirane, Mitsubishi Hitachi Power Systems හි නියෝජිතයෙකු, Noritake Co Ltd හි, සභාපති Hitoshi Tanemura, Taisei Corporation හි, සභාපති Takashi Yamauchi, NEC Corporation හි, සභාපති Kaoru Yano මෙම ව්‍යාපාරික ධූත පිරිසට අයත් අනිකුත් ප්‍රබල සාමාජිකයින් වේ.
මෙතරම් ප්‍රබල ජපාන ව්‍යාපාරික ධූත පිරිසක් ලංකාවට පැමිණීමෙන් මෙරටට ආර්ථික වාසි රැසක් අත්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මොවුන් අද පස්වරුවේ කොළඹදී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් සමග පැවති ව්‍යාපාරික සමුළුවකට සහභාගී වූ අතර එයට අමාත්‍ය සරත් අමුණුගම හා අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ද එක්වුණි.
කටුනායක - බණ්ඩාරනායක ගුවන්තොටුපලේ ඉදිකිරීමට නියමිත දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමරු ඵලකය විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ සිදු කළේය.
ජනාධිපතිවරයා ගිය වසරේ මාර්තු මාසයේ ජපානයේ කළ සංචාරයේදී කළ ආරාධනාවට අනුව ජපාන අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය කරන අතර මෙහිදී දෙරට අතර ආයෝජන ගිවිසුම් කිහිපයකටද අත්සන් කිරීමට නියමිතයි.
Video Story