ජපාන ණය ප්‍රතිව්‍යූහගතකරණ ගිවිසුම්වලට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය

    February, 5, 2025

    විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීම
    ශ්‍රී ලංකා රජය විසින් නිල ණය හිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසන් කර අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව ජපාන රජය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අනුව ජපාන රජය සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා වන හුවමාරු පත්‍ර සහ සංශෝධන ගිවිසුම අත්සන් කළ යුතුව ඇත. අත්සන් කළ යුතු අදාළ ලේඛන සඳහා නීතිපතිගේ එකඟතාව ලැබී තිබේ.
    ඒ අනුව, ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ සංශෝධන ගිවිසුම අත්සන් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.