February, 19, 2016
සණස සංවර්ධන බැංකුවේ ස්වාධීන අධ්යක්ෂ ධූරයක් සඳහා මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම පවසන්නේ 2016 පෙබරවාරි 15 වැනි දින පටන් මෙම පත්වීම බලපැවැත්වෙන බවයි.
මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වර්තමානයේ ශ්‍රී ජවයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන අතර ඊට පෙර එහි කළමනාකරණ හා වාණිජ පීඨයේ පීඨාධිපතිවරයා ලෙසින් කටයුතු කරනු ලැබීය.
Video Story