November, 3, 2015
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා කැනඩාවේ වෙස්ටර්න් ඔන්ටාරියෝ සරසවිය අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අත්සන් කෙරිණි. මෙම අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙම සරසවි දෙක තුළින් සිදුකෙරන දීර්ඝ කාලීන පර්යේෂණ කටයුතු සඳහා එකිනෙකා අතර සහයෝගීතාව බෙදාහදා ගැනීමයි.
මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධි අපේක්ෂක සිසුන් හට තම විෂයානුබද්ධ පර්යේෂණ කටයුතු වෙනුවෙන් කැනඩාව බලා පියාසර කිරීමටත්, තම පශ්චාත් උපාධි පාඨමාලාවන් එහිදී ම හැදෑරීමටත් අවකාශ සැලසෙනු ඇත.එමෙන්ම මෙම අවස්ථාව කැනඩාවේ වෙස්ටර්න් ඔන්ටාරියෝ සිසුන්ට ද එයාකාරයෙන්ම හිමිවනු ඇත.
ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, ගෝලීය ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා හා යෝජිත ඉංජිනේරු පීඪයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අකිල සුබසිංහ යන මහත්වරුන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වූ මොහොතයි.