ජයන්ත ධනපාලට, මෛත්‍රී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

    January, 14, 2015

    මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය ජයන්ත ධනපාල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ සම්බන්ධතා ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර ඇතැයි අනාවරණය වේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවිහරණ කටයුතු සම්බන්ධයෙන් නියෝජ්‍ය මහලේකම් තනතුර දැරූ ජයන්ත ධනපාල මහතා, ඇමරි‍කාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන්ද සේවය කර තිබේ.

    මීට අමතරව, ඔහු කාර්ගීල්ස් සිලෝන් සමාගමේ සහ ඩයලොග් ආසිආටා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.