ජයන්ත ධනපාල, ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් නික්මෙයි

    June, 18, 2014

    මෙරට ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ජයන්ත ධනපාල මහතා 2014 ජුනි මස 17 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම ගත්බව ඩයලොග් ආසිආටා සමාගම කියයි.

    සමාගමේ 17 වන වාර්ෂික මහ සභා රැස්වීමෙන් පසුව මෙම විශ්‍රාම ගැනීම සිදුවූ බව සඳහන්ය.

    ඩයලොග් ආසිආටා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ජයන්ත ධනපාල මහතා පුද්ගලික හේතු මත එම තනතුරෙන් විශ්‍රාම ගන්නා බව පසුගිය මැයි මාසයේදී සමාගම වෙත දැනුම් දී තිබුණු අතර එම පුරප්පාඩුව සඳහා සමාගම විසින් ඇඟලුම් අපනයනයේ මෙරට දැවැන්තම සමාගම් සමූහයක් වන MAS හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති මහේෂ් අමලියන් මහතා පත් කළේය.