February, 8, 2016
මෙරට පුනර්ජනනීය බලශක්ති විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධනය කිරීම, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තීන්ගෙන් ලබා ගැනෙන විදුලිය ධාරිතාව වැඩි කිරීමට අදාළව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම වෙනුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ජර්මානු ජනරජයේ ආර්ථික කටයුතු සහ බලශක්ති අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම පෙබරවාරි මස 16 හා 17 දිනවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මන් ජනරජයේ සිදු කරනු ලබන රාජ්‍යතාන්ත්‍රික සංචාරය තුළදී ශ්‍රී ලංකාවේ විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යාංශය සහ ජර්මනියේ ආර්ථික කටයුතු සහ බලශක්ති අමාත්‍යාංශය අතර අත්සන් තැබීමට නියමිතය.
මීට අමතරව පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ විදුලි උත්පාදනය සඳහා භාවිත කෙරෙන යන්ත්‍ර හා උපකරණ වැඩිදියුණු කිරීම, එම යන්ත්‍ර හා උපකරණ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කිරීම, තාප විදුලි උත්පාදනය සඳහා පරිසර හිතකාමී තාක්ෂණයන් හඳුන්වා දීම, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට අදාළ පුහුණුව සහ අධ්‍යාපනය යනාදී අංහයන් සඳහා ද මෙම ගිවිසුම හරහා සහයෝගය ලැබෙනු ඇත.
Video Story