ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට

    February, 19, 2018

    අතර, ප්‍රබල ආර්ථිකයක් හිමි රටවල් සමඟ ඵලදායී හවුල්කාරිත්වයන් ඇති කරගැනීම එහිදී ප්‍රධාන උපායමාර්ගයක් වේ. ඒ අනුව, ජර්මනියේ හා ශ්‍රී ලංකා‍වේ වෙළඳ සමාගම්, සංවිධාන හා වෙළඳ ක්ෂේත්‍රයේ පුද්ගලයින් අතර සබඳතා හා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම් කාර්යාලයක් කොළඹ පිහිටුවීමට යෝජනා වී තිබේ.

    එවැනි කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම මඟින් විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආවරණය වන පරිදි දෙරට අතර වාණිජ කටයුතු ප්‍රවර්ධනය කිරීමට මනා පිටිවහලක් සැලසෙනු ඇති අතර, දෙරටේ ආයෝජකයින් සඳහා එමඟින් නව ඉඩප්‍රස්තාද විවර වනු ඇත. එබැවින්, ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම් කාර්යාලයක් කොළඹ ස්ථාපනය කිරීම සඳහා පහසුකම් සැපයීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.