July, 26, 2016
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වසරේ පෙබරවාරි මස සිදු කළ ජර්මානු සංචාරයේදී එරට රජය සමග ඇති කර ගත් එකඟතාවන්ට අනුව ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 13 ක ප්‍රදාන ලබාදීමට අදාළ ගිවිසුම් ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි. මුදල් අමාත්‍යාංශයේ, ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට අත්සන් තැබූ අතර ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මොහාර්ඩ් මහතා එරට රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබීය.
විල්පත්තු ජාතික උද්‍යානය සහ ස්වාරක්ෂිත කලාප (BufferZone) කළමනාකරණ ව්‍යාපෘතිය, උතුරු හා නැගෙනහිර පළාත් තුළ වෘත්තීය පුහුණු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ ඒකාබද්ධතාවය, පරිවර්තනය පහසුකරණය සඳහා වන ව්‍යාපෘති සඳහා මෙම ප්‍රදාන ලබා දී තිබේ.
මේ අතර ජර්මන් රජයේ යුරෝ මිලියනයක මූල්‍ය ප්‍රතිපාදන මත “ශ්‍රී ලංකාවේ තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය”මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන තත්තවය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන ප්‍රයත්නයන්ට විවිධාකාරයේ මැදිහත් වීම් මගින් තාක්ෂණික සහ ප්‍රදාන ආධාර සහයෝගීතාවයන් ලබාදෙමින් ජර්මානු රජය අනුග්‍රහය දක්වමින් සිටී.