ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැඩි පොලියක් දෙන්න කැබිනට් අනුමැතිය

    August, 6, 2024

    වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය 8.5%ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී ඇත.

    ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබේ.

    ඒ අනුව, අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 02ක කාලයක් සඳහා ලබා දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.