January, 26, 2016
ශ්‍රී ලංකාව තුළ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව දැනුවත්භාවය වැඩිකිරීම සඳහා මෙරට කම්කරු නීති සංග්‍රහයේ සිංහල හා දෙමළ පරිවර්තන salary.lk වෙබ් අඩවියට ඇතුළත් කළ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (International Labor Organization-ILO) පසුගියදා නිවේදනය කළේ ය.
වේජ්ඉන්ඩිකේටර් පදනම (WageIndicator Foundation) විසින් පවත්වාගෙන යනු ලබන මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය පිළිබඳව තොරතුරු සරල බසින් ඉදිරිපත් කරන අතර වෘත්තීය උපදේශන ලබාදෙමින් විවිධ වෘත්තීය කාණ්ඩ අතර වැටුප් සම්බන්ධ සංසන්දනාත්මක විශ්ලේෂණද ඉදිරිපත් කරයි.
මෙම වැඩසටහනට පෙර කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඇතුළුව අනෙකුත් ප්‍රධාන මූලාශ්‍රවල ශ්‍රී ලංකාවේ කම්කරු නීතිරීති දක්වා තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් පම‚. කෙසේ වෙතත් මේ වනවිට ජංගම දුරකථන ආදිය ඔස්සේ අන්තර්ජාලයට පහසුවෙන් පිවිසීමේ හැකියාව ලැබී තිබීම නිසා මෙරට අන්තර්ජාල භාවිතය වේගයෙන් පුළුල් වෙමින් පවතින බැවින් කම්කරු නීතිවල දේශීය භාෂා පරිවර්තනයන් අන්තර්ජාලයට ඇතුළත් කිරීම යුගයේ අවශ්‍යතාවක් තිබි‚. මෙය දිවයිනේ මිලියන 8 ක් පමණ වන ශ්‍රම බලකායට මෙන්ම සේවා යෝජකයන්ටත් රජයේ නිලධාරීන්ටත් එක සේ වැදගත් වේ.
දැනට පවතින වාර්තා අනුව මෙරට නිවෙස්වල සිංහල බසින් පමණක් කතාකරන ජනගහනය 76% කි. 17.9% ක පිරිසක් දෙමළ භාෂාව පමණක් භාවිතා කරන අතර නිවෙස්වලදී ඉංග්‍රීසි භාෂාව පමණක් භාවිතා කරනුයේ 0.2% ක් තරම් සුළු ප්‍රතිශතයක් පමණි.
වර්තමානය වනවිට මසකට 15,000 ක් පමණ දෙනා salary.lk වෙබ් අඩවිය වෙත පිවිසෙති. කෙසේ වෙතත් වෙබ් අඩවියේ දියුණු කිරීම් සමගින් ඉදිරියේදී එම සංඛ්‍යාව 50,000 පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂා විස්තර ඇතුළත් කරනු ලබන්නේ එය මෙහෙයවනු ලබන වේජ්ඉන්ඩිකේටර් පදනම මගිනි. මෙම තොරතුරු සිංහල හා දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂ‚ක හා මූල්‍ය විශේෂඥභාවය සහ සම්පත් සැපයීම ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් සිදුකරනු ලැබේ.
අද වනවිට විශාල පිරිසක් අන්තර්ජාලයට පිවිසීම සඳහා ප්‍රමුඛතම මාධ්‍යය වශයෙන් ජංගම දුරකථන භාවිතා කරන නිසා ජංගම දුරකථන ඔස්සේ වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි salary.lk වෙබ් අඩවිය වැඩිදියුණු කර ඇත.
තරුණ සේවක සේවිකාවන්ට සාමාන්‍යයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳව ඉහළ මට්ටමේ අවබෝධයක් තිබුණද කම්කරු නීතිරීති පිළිබඳව ඔවුන්ගේ දැනුම අල්ප බව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් කරන ලද සමීක්ෂණයකදී අනාවරණය විය. මේ ආකාරයට කම්කරු නීතිරීති සිංහල හා දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට එම සංවිධානය තීරණය කළේ ඒ හේතුවෙනි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතනයකි. ගැහැනුන්ට හා මිනිසුන්ට නිදහස, සමානාත්මතාව, සම ආරක්ෂාව සහ මානව ගරුත්වය සමගින් ප්‍රමාණවත් හා ඵලදායී රැකියා අවස්ථා උදාකරගැනීමට දායක වීම එහි මූලික අරමුණ වේ.
2001 වසරේ දී ආරම්භ කරන ලද වේජ්ඉන්ඩිකේටර් පදනමේ ඉලක්කය වන්නේ සාමාන්‍ය ආකාරයට සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරනු ලබන සමීක්ෂණ මගින් වැටුප්, කම්කරු නීති සහ වෘත්තීන් පිළිබඳව තොරතුරු රැස්කොට හා විශ්ලේෂණය කොට එම තොරතුරු නොමිලයේ ලබාගැනීමේ අවස්ථාව ජනතාවට ලබාදීමයි. මේ වනවිට රටවල් 80 කට අධික සංඛ්‍යාවක මිලියන 32 කට අධික පිරිසකට එසේ වැදගත් තොරතුරු සමීප කරවීමට එය සමත් වී ඇත.
වැඩි විස්තර සඳහා,
www.salary.lk/home/labour-law/labourlaw-sinhalese හෝ
www.salary.lk/home/labour-law/labourlaw-tamil යන වෙබ් ලිපින වෙත පිවිසෙන්න.
Video Story