July, 9, 2025
හමීඩියා සමූහයේ අනුබද්ධිත ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන වන සිග්නේචර්, ඉන්දියාවේ විශාලතම ක්‍රීඩා සහ Athleisure හෙවත් ක්‍රීඩා විනෝදාස්වාද පාවහන් නිෂ්පාදකයකු වන කැම්පස් ඇක්ටිව්වෙයා ලිමිටඩ් සමඟ එක්ව නවතම ෆ්‍රැන්චයිස් හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ.
කැම්පස් පාවහන් සිග්නේචර් ප්‍රදර්ශනාගාරවලදී, H Sports අලෙවි සල්වලින්, සුවිශේෂී සිල්ලර හවුල්කරුවන්ගේ පුළුල් ජාලයකින් මෙන්ම දිවයින පුරා බෙදා හැරීම් සමඟ https://signature.lk වෙතින් මාර්ගගත ව ලබා ගත හැකිය. කැම්පස් සන්නාමය තොග සහ සිල්ලර මිලදී ගැනීම් සඳහා ද ලබා ගත හැකි අතර, එමඟින් පුළුල් පරාසයක පාරිභෝගිකයින් වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවතී.
කැම්පස් ඇක්ටිව්වෙයා ලිමිටඩ්, 2005 දී ආරම්භ කළ වසරේ පටන්, ඉන්දීය පාවහන් කර්මාන්තයේ විප්ලවීය වෙනස්කම් ඇති කළ සන්නාමයක් වන අතර, විශේෂයෙන් තරුණයින් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිව ඇත.
කැම්පස් ඇක්ටිව්වෙයා සමාගම 2023 - 24 පසුගිය දෙවසර තුළ පමණක් පාවහන් යුගළ මිලියන 22.2 ක අලෙවියක් සිදු කරමින්, ඉන්දියාව පුරා ශක්තිමත් ජාලයකින් යුතුව 23,000 කට වැඩි සිල්ලර අලෙවි ස්ථාන හා කැම්පස් සන්නාමය පමණක් සඳහාම වූ 250කට අධික සුවිශේෂී අලෙවිසල් වලින් සමන්විත විශාල බෙදාහැරීම් ජාලයක් පවත්වාගෙන යයි. මෙම සාර්ථක ආකෘතිය ශ්‍රී ලංකාවටත් ගෙන එමින් සිග්නේචර් සමඟ සිදුවූ මෙම නව සහයෝගිතාව ඔස්සේ, කැම්පස සමාගම දේශීය පාරිභෝගිකයින්ට ත් තම උසස් පාවහන් නිෂ්පාදන පරාසය සාධාරණ මිලකට ලබා දීමට කටයුතු සැලසුම් කර තිබේ.
මෙම සහයෝගීතාව පිළිබඳ සිය උද්යෝගය පළ කරමින් සිග්නේචර් අධ්‍යක්ෂ අම්ජාඩ් හමීඩ් මහතා මෙසේ පැවසීය. ”සිග්නේචර් හි, අපගේ ගනුදෙනුකරුවන්ට විලාසිතාව, සුවපහසුව සහ වටිනාකම ලබා දීමේ අපගේ පොරොන්දුවට අනුකූල වන සන්නාම පිළිබදව අප සෑම විටම අවධානයෙන් සිටිනවා. කැම්පස් සන්නාමය තාරුණ්‍යයේ විලාසිතා ගැන සැලකිලිමත් වන පාවහන් විලාසිතා එකතුවක් වන අතර, දැරිය හැකි මිලකට ලබා ගත හැකි, ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමයක් ද වේ. මෙම සුවිශේෂී නාමය ශ්‍රී ලංකාවට ගෙන ඒමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකා වෙළෙඳපොළේ පාවහන් සිල්ලර අවකාශය නැවත අර්ථ දක්වනු ඇතැයි අපි විශ්වාස කරමු.”
ගැඹුරු පාරිභෝගික අවබෝධය සහ නවෝත්පාදනය සඳහා කැපවීම සඳහා ප්‍රසිද්ධ කැම්පස්, පිරිමින්, කාන්තාවන් සහ ළමයින් සඳහා පුළුල් පරාසයක පාවහන් පිරිනමයි. සෑම යුගළයක් ම නිර්මාණය කර ඇත්තේ එදිනෙදා ජීවිතයේදී කාර්යසාධනය, කල් පැවැත්ම සහ කැපී පෙනෙන විලාසිතාවක් සොයන තරුණ පාරිභෝගිකයින්ගේ අභිලාෂයන් සපුරාලීම සඳහා ය.
කැම්පස් ඇක්ටිව්වෙයාර් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී සහ පූර්ණ කාලීන අධ්‍යක්ෂ නිඛිල් අගර්වාල් මහතා මෙසේ ප්‍රකාශ කළේය: “සිග්නේචර් සහ හමීඩියා සමූහය සමඟ ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පිවිසීම අපගේ දිගුකාලීන ප්‍රවර්ධන මෙහෙයුමට අනුකූලව සිදු වූ වැදගත් පියවරක් වන අතර, ඒ හරහා අපගේ ජාත්‍යන්තර ව්‍යාප්තියේ තවත් මහා විප්ලවයක් සිදු ව ඇත. ශ්‍රී ලංකාව යනු නවීන ජීවන රටාවන් හා විලාසිතාවන් පිළිබඳ වඩාත් සලකා බලන දේශීය වෙළෙඳපොළක් වන අතර, එමඟින් කැම්පස් නාමය උදෙසා හොඳම භූමිකාවක් සැලසෙයි. සිග්නේචර් හි විශ්වාසදායක වෙළෙඳ නාම සහ ශක්තිමත් බෙදාහැරීම් ජාලය සමඟ අපගේ නිෂ්පාදන ඵලදායීතාවය එකට එක් කරමින්, ශ්‍රී ලංකාවේද ඉන්දියාවේ ප්‍රතිඵල මෙන්ම සාර්ථකත්වයක් ලබා ගත හැකි වනු ඇතැයි යන්න, අපගේ පූර්ණ විශ්වාසය යි.
සිග්නේචර් විලාසිතා මේ වන විට පිරිමි ඇඳුම් සීමාව පසු කරමින් Lifestyle ව්‍යාපාරයක් සේ වැඩිදියුණු වන අතර, කැම්පස් පාවහන් පරාසය හඳුන්වා දීමත් සමඟ, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් ට පරිපූර්ණ ජීවන රටාවක් සඳහා අවශ්‍ය සියලු දෙය ලබා දිය හැකි සන්නාමයක් බවට සිග්නේචර් පත් වෙයි.






Video Story