April, 9, 2026
එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සඳහා 2026 මාර්තු 26 සිට අප්‍රේල් 09 දක්වා කොළඹ සංචාරයක යෙදුණි.
එහිදී ජා.මූ. අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර සිටී.
Video Story