ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ වැඩ අප්‍රේල් මාසයේ දී ඇරඹෙයි

    January, 11, 2016

    යෝජිත කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ වැඩකටයුතු ඉදිරි අප්‍රේල් මාසයේ දී ඇරඹීමට සැලසුම් කර තිබෙන බව මුදල් අමත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙරට ව්‍යාපාරික කටයුතුවල නිරත නොවන මැදපෙරදිග, ජපානය හා කොරියාවේ ජාත්‍යන්තර බැංකු හතක් මෙම ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය හරහා සිය අක්වෙරළ සමාගම් ස්ථාපිත කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙන බවයි.

    එසේම දේශීය වශයෙන් ක්‍රියාත්ම බැංකු 37 ක් ඇතුළුව 50 කට ආසන්න බැංකු ප්‍රමාණයක් මෙම මූල්‍ය මධ්‍යස්ථානය තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටී.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates