January, 2, 2026
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් නව හා අනාගත අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම හා සබඳතා ලබා දීම අරමුණු කරගනිමින් ජාලකරණ සැසියක් (Networking Session) පසුගියදා කොළඹ පිහිටි එම ආයතනයේ දී පවත්වන ලදී.
අපනයනකරුවන් සහ අපනයන ව්‍යාපාරයට පිවිසීමට සූදානම් ව්‍යවසායකයන් රැසක් මෙම සැසියට සහභාගී වූ අතර අත්දැකීම් සහිත වෘත්තිකයන් විසින් අපනයන ව්‍යාපාර සඳහා අවශ්‍ය විවිධ අත්දැකීම් බෙදා හදා ගත්හ.
ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනවලට සහභාගී වීම, අපනයන වෙළඳපොළ අධ්‍යයනය කිරීම, ජාත්‍යන්තර ව්‍යාපාරවල විශ්වාසය ගොඩනැගීම, ඵලදායී සන්නිවේදන උපාය මාර්ග සහ ගෝලීය ගුණාත්මක ප්‍රමිතීන් සපුරාලීම ඇතුළු තීරණාත්මක මාතෘකා මෙම සැසියේදී ආවරණය විය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා නව අපනයනකරුවන් සහ අපනයන ව්‍යාපාරයට පිවිසීමට සූදානම් ව්‍යවසායකයන් අමතමින් කියා සිටියේ 2026 වර්ෂය අපනයනකරුවන්ට වඩාත් සුබ වර්ෂයක් බවට පත්කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය කැපවීමෙන් කටයුතු සිදුකරන බවයි.
Rancrisp Marketing හි කළමනාකාර අධ්‍යක්ෂ සමන්ත තමෙල් මහතා, Malwatte Valley Plantations හි විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු මහතා, C.R. Exports හි සභාපති වෛද්‍ය උපාලි රණසිංහ මහතා, ජලජීවී අපනයනය පිළිබඳ පුළුල් පළපුරුද්දක් ඇති උපදේශක උදයකාන්ත වික්‍රමසිංහ මහතා සහ People’s Organization for Development Import & Export (PODIE) හි කළමනාකාර අධ්‍යක්ෂ ටිරල් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් අපනයන ව්‍යාපාර සඳහා අවශ්‍ය දැනුම සහ තම අත්දැකීම් ලබාදුන්හ.
වෙළඳ තොරතුරු සහ වෙළඳ පහසුකම් අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සංජීව රත්නසේකර මහතා ඇතුළු අපනයන සංවර්ධන නිලධාරීන්ද මෙම සැසියට සහභාගී වූහ.

Video Story