ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරමින් Comfort Mattress Lanka හම්බන්තොට දී වැඩ අරඹයි

    December, 19, 2024

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) බහාලුම් මෙහෙයුම් පුළුල් කිරීම වෙනුවෙන් දොඹකර පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා හම්බන්තොට වරාය සමූහය (HIPG) විසින් මෑතකදී කරන ලද ආයෝජනයෙන් පසුව, එහි මෙහෙයුම් ආරම්භ කිරීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් පළමු ආයෝජකයා බවට පත්වෙමින් Comfort Mattress Lanka (Pvt) Ltd විසින් ඩොලර් මිලියන 25 ක ආයෝජනයක් සිදුකර තිබේ.

    එක්සත් ජනපදය, යුරෝපය සහ කැනඩාව ඇතුළු ප්‍රධාන අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් සිය නිෂ්පාදිත සිදුකරනු ලබන Comfort Mattress Lanka (Pvt) Ltd, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ වසර 30 ක කල්බදු ගිවිසුමක් යටතේ මෙම ආයෝජනය සිදුකර ඇත.

    එහිදී ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය සහ සැකසීම සඳහාම වෙන්වුණු වර්ග මීටර් 62,000ක කර්මාන්ත ශාලාවක් ඉදිකරනු ලබන අතර සිය නිෂ්පාදිත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අග්නිදිග ආසියාවෙන් සහ චීනයෙන් ආනයනය කිරීමට නියමිතය.

    මෙම ආයෝජනයට අදාළ ගිවිසුම් අත්සන් තැබීම පසුගිය දා සිදුකෙරුණි.